සෞදි චිත්‍රපටයකට සම්මානයක්



සෞදි චිත්‍රපටයක් ඇමරිකානු සම්මානයක් දිනා ගෙන ඇති බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ උටා නගරයේ පාර්ක් සිටි හි පැවති “සන්ඩාන්ස්’’ චිත්‍රපට උළෙලේදි සෞදි චිත්‍රපටයක් සම්මානයක් දිනගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

රටවල් 152කින් චිත්‍රපට14,259ක් චිත්‍රපට උළෙලට ඉදිපත් කර තිබු අතර එම චිත්‍රපට අතුරින් ජූරියේ සම්මානයක් හිමි කරගැනීමට “දුන්‍යා ගේ දවස’’ නැමති සෞදි කෙටි චිත්‍රපටය සමත් වී ඇත.

“දුන්‍යා ගේ දවස’’ නැමති සෞදි කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්න් රයෙද් අල්ෂෙමාරි ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS