‘ආර්ථික ත්‍රස්තවාදයට’ යටත් වෙන්නේ නෑ



ආර්ථික ත්‍රස්තවාදය හමුවේ කිසිම අවස්ථාවක යටත් නොවන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පවසා තිබේ.

ඉරාන ජනාධිපතිවරයා ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට මෙසේ පවසා ඇත්තේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකා ජනපතිවරයා කැමැත්ත පළ කර ඇති නිසාය.

ඇමෙරිකාව ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කරන තුරු ඇමෙරිකාව සමඟ සාකච්ඡා නොපවත්වන බව ඉරාන ජනාධිපතිවරයා යළිත් වරක් අවධාරණය කර තිබේ.

මේ අතර යුද මානසිකත්වයකින් තීන්දු තීරණ ගන්නා ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් එම ධුරයෙන් නෙරපා දැමීමට ජනපති ට්‍රම්ප් පියවර ගැනීම සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති හහස් රොව්හානී සුබවාදී අදහස් පළ කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS