හරිත - ස්මාර්ට් නගරය



කුවේටයේ දකුණුදිග සාඩ් අල්-අබ්දුල්ලා නගරය ප්‍රථම හරිත සහ ස්මාර්ට් නගරය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

වර්ග කිලෝමීටර් 64ක ප්‍රදේශයක ව්‍යාපෘතිය ඉදිවන අතර ඇමරිකානු ඩොලර් බිලියන 64ක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇත.

වෙළඳ, මූල්‍ය සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රවලඅංග සම්පූර්ණ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා හරිත සහ ස්මාර් නගරය ව්‍යාපෘතියේ එක් අරමුණක් වී ඇත.

කොරියාව සමඟ සහයෝගයෙන් වැඩ කටයුතු කරන බවත්ලබන වසර අවසන් වනවිට නගර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කුවේට් නිවාස සුභසාධනය අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, නසීර් ඇඩෙල් ක්‍රයිබට් ප්‍රකාශ කළේය.

කුවේට් රජයේ තිස් (30) වසරක දැක්ම අනුව නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පුද්ගලයින් 400,000කට නිවාස ලබාදීමට සැළසුම් කර ඇති අතර මුල් අදියරේදි නිවාස 28,000කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිතව ඇත.

නගරයේ පරිපාලනමය කටයුතුවලට නවීනතම තාක්ෂණය භාවිතා කිරීමට හැකිවන ආකාරයෙන් නගරය ඉදිකිරීම ව්‍යාපෘතියේ ඇති විශේෂත්වයයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS