සෞදියේ පුරවැසිකම ගන්න පුළුවන්



විදේශිකයන් සමඟ විවාහ වී සිටින සෞදි මව්වරුන්ගේ දරුවන්ට සෞදි අරාබියේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි බව වාර්තා වේ.

එම දරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ කිරීමෙන් පසු එම අවස්ථාව හිමි වන බව සෞදි අරාබිය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අරාබි භාෂාව පිළිබඳ මනා දැණුමක්, ඔහු/ඇය නීත්‍යානුකූල වයසට (18) පැමිණි විට සෞදියේ ස්ථිර පදිංචිය සහ යහපත් හැසිරීමක් තිබිය යුතු වන අතර,නීතිවිරෝධී ක්‍රියාවක්හෝ අපරාධ වරදක් හෝ මාස හයකට වඩා වැඩි කාලයක් සිරගත වී සිටි පුද්ගලයෙකු විය යුතු බව සෞදි ගැසට් පත්‍රයේ සඳහන් වේ.

සෞදි අරාබි ජාතිකත්ව නීතියේ 8 වැනි වගන්තිය සංශෝධනය කිරීම කිරීම මඟින් මෙම අවස්ථාව ලබාදී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS