සෞදි තානාපති කාර්යාල නිලධාරීන්ට තුවාල



ජෝර්දානයේ අම්මාන් නුවර පිහිටා ඇති සෞදි තානාපති කාර්යාලයේ සේවයේ නිරතව සිටින තානාපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තුන්දෙනෙකු ජෝර්දානයේදි සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

තානාපති කාර්යාලයට අයත් කාරය පදවාගෙන ගිය ජෝර්දාන් රියදුරාද අනතුරින් තුවාල ලබා ඇති බව අල්-රියාද් පුවත්පත වාර්තා කර ඇත. 

තුවාල ලැබු තානාපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ තත්ත්වය යහපත් බව තානාපති කර්යාලයට අයත් ටුවිටර් සමාජජාල ගිණුමේ සදහන් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ඇඩෙල් අල්-ජබීර් තුවාල ලැබූ තානාපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ සුවදුක් බැලීම සදහා ගිය අතර සෞදි රජු සල්මන් බින් අබ්දුල් අසීස් අල් සවුද්ගේ සුභාශිංසනද එක් කලේය.


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS