සිරියාවේ ත්‍රස්තවාදය පරදවන්න ඉරානයේ සහාය දිගටම



සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාමකම් මුළුමනින්ම නිමාවට පත්වනතුරු තමන් දිගටම සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දක්වන බව ඉරානය පවසයි.
ඉරාන ජනාධිපති හසන් රොව්හානි, මේ බව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට දැනුම් දුන්නේ දුරකතන ඇමතුමකිනි. සිරියාවෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා විය.
සිරියානු රජයේ හමුදා මේ වනවිට එරට විශාලතම නගරය වන ඇලෙප්පෝ ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇත. නගරය මුදාගැනීමට කළ සටන්වලදී සිරියානු රජයේ හමුදාවට ඉරාන හමුදාවේත් රුසියානු ගුවන් හමුදාවේත් සහාය හිමිවිය. ඇලෙප්පෝ නුවර මුදා ගනිද්දී අයි.එස්. ත්‍රස්තවාදීහු 100 කට වැඩි පිරිසක් අවි බිමදමා යටත්වූහ.
ඉරානය ලොව ප්‍රමුඛතම ‘ෂියා’ මුස්ලිම් රාජ්‍යයයි. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් සහ ඔහුගේ රජය ද ‘ෂියා’ මුස්ලිම්ය. සිරියානු අර්බුදයේ දී ඉරානය සිරියානු රජයට සහාය දෙන්නේ එහෙයිනි. අයි.එස්.අයි.එස්. සටන්කාමීන්ගෙන් බහුතරය සුන්නි මුස්ලිම්ය.


RECOMMEND POSTS