සිරියාව සමඟ සබඳතා අරඹයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, වසර හතකට පසු යළිත් වරක් සිරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළේය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වීමත් සමඟ සිරියාවේ ඩමැස්කස් නුවර එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තානාපති කාර්යාලය ද යළි විවෘත කෙරුණි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වසර 7 කට පසු, සිරියාවේ ඩමැස්කස් අගනුවර ඔවුන්ගේ තානාපති කාර්යාලය යළි විවෘත කළේය.
2011 වසරේ දී සිරියාවේ සිවිල් ගැටුම් ආරම්භ වෙද්දී, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, සිරියාව සමඟ සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දමමින්, ඔවුන්ගේ තානාපති කාර්යාලය වසා දැමීය.

සිරියාවේ එක්සත් අරාබි එමිරේට්ස් තානාපතිවරයා යළි ගෙන්වා ගැනීමට ද කටයුතු කළේය.
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සහාය හිමිවූයේ සිරියානු රජයට නොව, සිරියානු රජයට එරෙහි විරෝධතා ආරම්භ කළ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය.

මේ වනවිට සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු දැඩි පසුබෑමකට ලක් වී සිටිති. සිරියාවේ දෛනික කටයුතු යළි සාමාන්‍ය පරිදි සිදුවෙයි. පසුගිය දා සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් සිරියාවේ සංචාරයකට පැමිණ, සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් හමුවී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගත්තේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS