වෛද්‍ය පරීක්ෂණයක් අනිවාර්යයි



ගෘහ සේවිකාවන් සිය රට ගොස් නැවත කුවේටයට පැමිණීමේදි වෛද්‍ය පරීක්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට ගෘහ සේවිකාවන් සපයන ආයතනවලට කුවේට් අභ්‍යන්තර අමාත්‍යාංශය නියෝග කරඇති බව කුවේට්-ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අසියානු සහ අප්‍රිකානු රටවල් 41කට අදාල වන පරිදි, අදාල නියෝගය නිකුත් කළ බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකාව, ඉන්දියාව, බංගලිදේශය, පිලිපීනය, ඉතියෝපියාව සහ අනිකුත් රටවල් ඊට අයත් වේ.

නවතම සංඛ්‍යා දත්තවලට අනුව, කුවේටය තුල ගෘහ සේවිකාවන 650,000ක් සේවයේ නිරත වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS