විශ්වාසය තැබිය හැකි ආණ්ඩුවක් ඕනෑ



ජනතාවට ඕනෑ විශ්වාසය තැබිය හැකි ආණ්ඩුවක් යැයි ලෙබනනයේ ඉරාන සහාය ලබන හිස්බුල්ලා නායක හසන් නසරල්ලා කියයි.

මේ වනවිට ලෙබනන් ආණ්ඩුව විසුරුවා හරිනු ලැබ තිබේ. අගමැති හරීරි ආණ්ඩුව විසුරුවා ධුරයෙන් ඉවත් වූයේ පසුගිය සතියේය.

හිස්බුල්ලා නායක හසන් නසරල්ලා රූපවාහිනිය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති හරීරිගේ ආණ්ඩුව විසුරුවා හැරීමෙන් හටගත් දේශපාලන අර්බුදය අවසන් නොවන බවය.

කඩිනමින් මැතිවරණයකට යෑම කළ යුතු බවත්, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට කන් දෙමින් නව රජයක් පිහිටුවීමට දේශපාලනඥයන් කටයුතු කළ යුතු බවත් හිස්බුල්ලා නායකයා පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS