විශ්වාස භංගයෙන් ඇමතිට ජය



කුවේට් තොරතුරු අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් කර තිබු විශ්වාස භංග යෝජනාව පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකි වී ඇති බව වාර්තා වේ.

මූල්‍ය සහ පරිපාලන අක්‍රමිකතා සිදුකිරීම හේතුවෙන් තොරතුරු අමාත්‍ය, මොහොමඩ් අල්-ජබ්‍රිට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කුවේට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරුන් කටයුතු කර ඇත.

විශ්වාස භංග යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරු 34 දෙනෙක් ඡන්දය ලබාදී ඇති අතර පක්ෂව මන්ත්‍රීවරු 12 දෙනෙක් සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාවලට නිවැරදි ආකාරයෙන් පිළිතුරු ලබාදීමට අපොහොසත් වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS