විදෙස් ඇමැති සමුළුවට නෑ



ගල්ෆ් රටවල එකමුතුව හෙවත් අරාබි ලීග සමුළුව පසුගිය දා ආරම්භ වුණු අවස්ථාවේදී ඊට සහභාගී නොවී එය මඟ හැරීමට ලෙබනන් විදේශ ඇමැති ගෙබ්රාන් බැසිල් කටයුතු කළේය.

විදේශ ඇමැතිවරයා මෙසේ එම සමුළුව මඟ හැරියේ ලෙබනනයේ නිර්මාණය වුණු දේශපාලන අර්බුදය නිර්මාණය කර ගනිමිනි.

අරාබි ලීග සමුළුව මෙවර පැවැත්වෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර කේන්ද්‍රෙකාට ගනිමිනි.

සමුළුවේදී ලෙබනන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතව තිබුණු බව ද වාර්තා වේ.

ලෙබනනයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ ලෙබනන් අගමැති සාද් හරීරිගේ ඉල්ලා අස්වීමත් සමඟය. හරීරි ඉල්ලා අස්වූයේ ඔහුට මරණ තර්ජන එල්ල වෙනවා යැයි චෝදනා නගමිණි.

මරණ තර්ජන එල්ල වෙන්නේ ඉරානයෙන් සහ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයෙන් යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS