වැඬේ හරි: ට්‍රම්ප් කියයි



සිරියාවට තෝරාගත් ඉලක්ක වෙත එල්ල කළ මිසයිල ප්‍රහාර එල්ල කිරීම තමන් අපේක්ෂා කළ අයුරින් සාර්ථක වුණු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකාව පමණක් නොව, ඇමෙරිකාවට සහාය දක්වමින්, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ද සිරියාවේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කළේය.

ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබුණේ එම ප්‍රහාරවලින් සිරියාවේ රුසියානු හමුදා සොල්දාදුවන්ට අනතුරක් සිදුවුණේ නම් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS