ව්‍යාජ ගිණුම් 2,920ක් අත්හිටුවයි



එමිරේට්ස් ජාතිකයන් පවත්වා ගෙන ගිය ව්‍යාජ සමාජ ජාල ගිණුම් 2,920ක් 2018 වසර තුල අත්හිටුවීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.

2016 වර්ෂයේදි ව්‍යාජ ගිණුම් 1,899ක්ද, 2017 වර්ෂයේදි ව්‍යාජ ගිණුම් 1,799ක් අත්හිටුවීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් යොදා ගනිමින් අපරාධ සිදු කරන බවත් ව්‍යාජ සමාජ ජාල ගිණුම් හේතුවෙන් ජනප්‍රිය පුද්ගලයන්නිරන්තරයෙන් සයිබර් ප්‍රහාරයන්ට ලක් වන බව එමිරේට්ස් අපරාධ පරීක්ෂණ හා විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ‍, බ්‍රිගේඩියර් ජමාල් සලීම් අල්-ජල්ලාෆ් ප්‍රකාශ කළේ ය.

සමාජ ජාල ගිණුම් භාවිතා කිරීමේදි ලබා දී ඇති ආරක්ෂිත පිළිවෙත් උපරිම අයුරින් භාවිතා කරන ලෙසත් නාඳුනන පුද්ගලයන් ගිණුම්වලට එක් නොකර ගන්නා ලෙසත්, වෙනත් අරමුණු වෙනුවෙන් තමන්ව යොදාගැනීමට සයිබර් ප්‍රහාරකයන් කටයුතු කරන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS