මොසූල් නුවරින් 1/3 ක් මුදාගෙන අවසන්



 

 

දනේෂ් හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති මොසූල් නුවරින් තුනෙන් එකක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් මුදා ගැනීමට තම හමුදා සමත් වී ඇතැයි ඉරාක රජය නිවේදනය කළේය.
මුදාගත් එම ප්‍රදේශවලට ආරක්ෂාවක් ද ලබා දී ඇත. එසේ ආරක්ෂාව ලබා දීමට කුර්දි සටන්කාමීන්ගේ සහාය ද තමන්ට හිමිවී ඇතැයි ඉරාක හමුදාව වැඩිදුරටත් කියා සිටී.
ඉදිරි සති කිහිපයේ දී මොසූල් නුවර මුළුමනින්ම මුදා ගැනීමට ද කටයුතුකරන බවත් දනේෂ් හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට යළි මොසූල් නුවර අත්පත් කර ගැනීමට ඉඩක් ලබා නොදෙන බවත් ඉරාක රජය සහතික වී ඇත.
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS