මුහුදේ මඟුල් මුද්ද සොයාලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අජ්මාන් හි මුහුදට වැටුණු මඟුල් මුද්දක් සොයා ගැනීමට අරාබි යුවළක් දැඩි පරිශ්‍රමයක් දරා ඇති බව වාර්තා වේ.

ඩුබායි මරීනා මුහුදු තීරයේ විනෝද වෙමින් සිටින අවස්ථාවේදි කාන්තාවගේ මඟුල් මුද්ද ඇඟිල්ලෙන් ලිස්සා මුහුදට වැටී ඇත.

එමිරේට්ස් සිවිල් ආරක්ෂක බලකයේ කිමිදුම්කරුවන් නිවැරදිව ස්ථානය හඳුනාගෙන මුද්ද සොයා දීමට කටයුතු කර ඇත.

තමන් අතිශයින් සතුටට පත් වන බවත්, සිවිල් ආරක්ෂාක බලකායේ කිමිදුම්කරුවන්ට කෘතඥතාවය පළ කරන බවත්, මෙම අත්දැකීම තමන්ට කිසිදා අමතක නොවන බව අඹුසැමියන් දෙදෙනා පවසා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS