මිලියන 304ක රෝහලක්



ගල්ෆ් කලාපයේ ඉදිකළ විශාලතම රෝහල ලෙස සැලකෙන ජේබර් අල්-අහමඩ් අල්-ජේබර් සභා රෝහල ඉදිකිරීම සඳහා කුවේට් ඩිනාර් මිලියන 304ක් වියදම් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

වර්ග අඩි 270,000ක ප්‍රදේශයක ඉදිකර ඇති රෝහල තුල ඇඳන් 1,168ක් ඇති බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

රෝහලේ සියළුම වැඩකටයුතු අවසන්වීමෙන් පසු කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීම පසුගියදා සිදු වු අතර නිල වශයෙන් රෝහල විවෘත කිරීම ඉදිරි දිනයකදී සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS