මිලියන 1.3 ක් අවතැන් වෙලා



ඉරාකයේ යුද ගැටුම් හේතුවෙන් එරට දරුවන් මිලියන 1.3 ක් අවතැන්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය පෙන්වා දෙයි.

ඉරාක රජය සහ අයි.එස්. ත්‍රස්තවාදීන් අතරේ පසුගිය තෙවසරක කාලය පුරාවට පැවැති යුද ගැටුම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූවන්ගේ ගණන මිලියන 2.6 ක් බවත් එයින් මිලියන 1.3 ක් ඉරාක දරුවන් බවත් යුනිසෙෆ් ප්‍රධානී පීටර් හෝකිංස් පෙන්වා දෙයි.

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ගෙන ගිය යුද්ධය අවසන් බවත්, ත්‍රස්ත සංවිධානය පරාජය කළ බවත් ඉරාක හමුදා සහ ඉරාක රජය පසුගිය දෙසැම්බරයේ දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS