මස්කට් නුවරට නිදහස හිමි වෙයි



කොරෝනා වසංගතය හේතුවෙන් මස්කට් නුවරට පනවා ඇති සීමාවන් මැයි 31 පසු ලිහිල් කිරීමට ඕමාන් රජය කටයුතු කරන බව වාර්තා වේ.  

කොරෝනා වෛරසය විශාල ලෙස ව්‍යාප්ත වීමට පටන්ගැනීම හේතුවෙන් 2020 අප්‍රේල් 10 සිට මස්කට් නුවර සම්පූර්ණයෙන් වසා දැමීමට ඕමාන් රජය කටයුතු කළේ ය.

මැයි 31 සිට අවම වශයෙන් 50% ක සේවක සංඛ්‍යාවක් කාර්යාලවල සේවය කළ යුතු බවට රජයේ ආයතනවලට නියෝගයක් නිකුත් කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS