මක්කම ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කෙරේ



ලෝකයේ විවිධ රටවලින් පැමිණ සිටින ඉස්ලාම් භක්තිකයින් ඉලක්ක් කර ගනිමින් මක්කම පිහිටි පුජා භූමියට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට දැරු ප්‍රයත්නයක් සෞදි පොලීසිය ව්‍යර්ථ කර දැමු බව Al-Ekhbaria රූපවාහිනි නාලිකාව වාර්තා කළේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් පුපුරවන ලද බෝම්බයක් හේතුවෙන් මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර එයින් 5දෙනෙකු පොලිස් නිලධාරීන් වන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.  

රාමසාන් උපවාසය අවසන් කරන ලෝකයේ විවිධ රටවලින් පැමිණි ඉස්ලාම් භක්තිකයින්ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කිරීමට සැළසුම් කර තිබු බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශනය කරන ලද විඩියෝ දර්ශන වල කඩා වැටැණු සුන්බුන් අතර පුද්ගලයකුගේ හිසක් දක්නට තිබු බව රුපවාහිනි නාලිකාව ප්‍රකාශ කර ඇත.

ප්‍රහාරය හේතුවෙන් ගඩොල් සහ සුන්බුන් විශාල ප්‍රදේශයක් පුරා පැතිරී තිබු බව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ වු ඡායාරූප මගින් දක්නට ලැබී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS