භාවිතා කරන්නේ ප්‍රවේශමෙන්



පරිවෘත්තීය ක්‍රියාවලි සහ ශක්තිය වර්ධනය කරන “Forever Therm’’ නැමති ඖෂධ වර්ගය භාවිතා කිරීමෙන් වළකින ලෙස සෞදි ආහාර සහ ඖෂධ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අදාල ඖෂධයසෞදි ආහාර සහ ඖෂධ අධිකාරියේ ලියාපදිචි කර නොමැති බවත් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර නොමැති බව සඳහන් කරමින් අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇත.

“Forever Therm’’ නැමති ඖෂධ වර්ගය වෙළඳපොලෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත්, නීතිවිරෝධි ආකාරයෙන් ඖෂධය විකුණන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාකරන බව අධිකාරිය ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS