බ්‍රිතාන්‍ය අගමැති එමිරේට්ස් රාජ්‍යයට



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බලා ගියේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එමිරේට්ස් රාජ්‍යයට ගියේ, අභාවප්‍රාප්ත එමිරේට්ස් ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයාද් අල් නහ්යාන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා සහ නව ජනාධිපති ලෙස එම ධුරයට පත්වුණු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ට සුබ පැතීම සඳහාය.

ෂෙයික් කලීෆා බින් සයාද් අල් නහ්යාන් පසුගිය වසර කීපයේ දැඩි ලෙස රෝගාතුරුව පසුවිය. ඔහු පසුගිය 13 වැනිදා අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයකිනි.

ෂෙයික් කලීෆා බින් සයාද් අල් නහ්යාන් රෝගී වී සිටිද්දී, නිල නොවන ජනාධිපති ලෙස කටයුතු කළේත්, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වීම කළේත් ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ය.

එම සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ජොන්සන් සහ ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් අතරේ සාකච්ඡා පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS