පොලීසිය ත්‍රස්තවාදීන් තුන් දෙනකු මරලා



නැගෙනහිර සෞදි අරාබියේ  අල්-කටීෆ් ආණ්ඩුකාර ප්‍රදේශයේදි පොලීසිය ත්‍රස්තවාදීන් තුන්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව සබක් පුවත්පත වාර්තා කළේය.

සැඟවී සිටිමින් ආරක්ෂක අංශ වලට සහ මහජනතාවට වෙඩි තබන ත්‍රස්තවාදීන් සොයා ආරක්ෂක අංශ දියත් කරන ලද ජංගම මුර සංචාරයකදි පොලිසිය වෙත ත්‍රස්තවාදීන් වෙඩි ප්‍රහාරයන් එල්ල කර ඇති අතර පොලීසිය එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයන් වලින් ත්‍රස්තවාදීන් තුන්දෙනා මිය ගිය බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

ප්‍රදේශයේ ඇති පොදු දේපල වලට ත්‍රස්තවාදීන් විශාල ලෙස හානි කරන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS