පෙම්වතා සතුටු කරන්න මිලියන 11 සොරකම් කරලා



පාරිභෝගික සේවා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරමින් සිටි කාන්තාවක් දෙපාර්තුමේන්තුව සතුව තිබු එමිරේට්ස් ඩිරාම් මිලියන 11මුදලක් පෙම්වතාව සතුටු කිරීමට සොරකම් කර ඇති බව ඩුබායි පොලීසිය නිවේදනය කළේය.

වයස අවුරුදු 33වු කාන්තාව තමන්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වු ඇයට වඩා අවුරුදු හතක් බාල පෙම්වතා සමඟ සොරකම් කරන ලද මුදල් අධික ලෙස වියදම් කර ඇති බව මුලික විමර්ෂණ වලදී අනාවරණය වී ඇත.

පෙම්වතාගේ ණය ගෙවීම, පෙම්වතාට සුබෝගභෝගි මෝටර් රථයක් ලබාදීම, පෙම්වතාට සහ ඇයගේ සහෝදරයාගේ විශේෂ වාහන අංක ලබා දීම, යුරෝපයට පළමු පන්තියේ ගුවන් ටිකට් පත් මිදී ගැනීම, අධික මිල සහිත අත් ඔර්ලෝසුවක් සහ රත්‍රං ආභරණ මිලදී ගැනීම සහ සොරකම් කරන ලද මුදල් පෙමිවතාට ත්‍යාග වශයෙන් ලබාදීම වැනි දේ සිදුකර ඇති බව ඩුබායි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, කර්නල් තාරික් අල්-ගූල් ප්‍රකාශ කළේය.

නීතිමය කටයුතු කරගෙන යෑම සඳහා අපරාධ අධිකරණයට යොමු කල බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාවැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS