පැහැදිලි කරන්න



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතනය සිදුවුණු අයුරු තවත් පැහැදිලි කරන්නැයි ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය සෞදි රජයට පවසා ඇත.

ජමාල් කශොග්ජී තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී බහින්බස්වීමක් සහ රණ්ඩුවකට පැටලී පහර කෑමට ලක් වුණු බව සෞදි රජය නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඒ, අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුවය.

කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීම් ප‍්‍රමාණවත් නැති බවත් තවත් විස්තර තමන් අපේක්ෂා කරන බවත් ප‍්‍රංශ සහ බි‍්‍රතාන්‍ය රජය නිකුත් කළ නිවේදනවල සඳහන් වී ඇත.

සෞදියේ එම පැහැදිලි කිරීම ප‍්‍රමාණවත් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත. කෙසේ නමුත් ඇමෙරිකන් කොංග‍්‍රස් මණ්ඩලය ඒ ගැන දෙගිඩියාව පළ කර තිබේ. ජමාල් කශොග්ජී ඇමෙරිකානු පුරවැසියෙකු ද විය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS