ප්‍රතිප්‍රහාර එල්ල කරනවා



ඉරානය ඊශ්‍රායලයට එල්ල කරන ඕනෑම ආකාරයක ප්‍රහාරයකට එකට එක කිරීමකට වඩා වැඩි සහ දැඩි ප්‍රතිචාරයක් දක්වන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැවැසීය.

සිරියානු අර්බුදය හේතුවෙන් ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම උග්‍ර වී තිබේ. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇව්ඩෝර් ලීබර්මන්ගේ එම ප්‍රකාශය ඉරානයට කරන ලද එක්තරා ආකාරයක තර්ජනයක් යැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.

සිරියාවේ ඇති වී තිබෙන සිවිල් යුද්ධයට ඊශ්‍රායලය මෙන්ම ඉරානය ද මැදිහත් වී සිටින අතර ඊශ්‍රායලය අවස්ථා කිහිපයකදීම සිරියාවේ තිබෙන ඉරාන ගුවන් හමුදා කඳවුරකට සහ ඉරාන හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය. සිරියාව, ඉරානය සහ රුසියාව එම ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා කළ ද ඒ කිසිවකට ඔවුහු ප්‍රතිචාර නොදැක්වූහ.
“ඊශ්‍රායලයට යුද්ධයක් ඕනේ නැහැ. එහෙත් ඉරානය අපට පහර දුන්නොත් අපි නිකං ඉන්නේ නැහැ. අපේ ප්‍රතිචාරය දරුණු වේවි” යැයි ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා කීය.

(රොයිටර්)


RECOMMEND POSTS