ප්ලාස්ට්ක් සහල් විකිණීමට නෑ: ඕමාන රජය



ඕමාන වෙළදපලේ ප්ලාස්ට්ක් සහල් විකිණීමට නොමැති බව ඕමාන රජය නිල වශයෙන් ප්‍රකාශ කල බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් පුවත්පත වාර්තා කළේය.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පැතිරි යන කටකතා ඕමාන රජය තරයේ ප්‍රතික්ෂේප කළේය.

වෙළදපලේ විකිණීමට ඇති සහල් නිසි ප්‍රමිතියෙන් යුත් ඒවා බවත් මිලදී ගැනීමට ජනතාව බිය විය යුතු නැති බව පළාත් මහ නගරසභා සහ ජල සම්පත් අමාත්‍යාංශය නිවේදනය කළේය.

ප්ලාස්ටික් සහල් වෙළදපලේ පවතින බවට කිසිදු සාක්ෂියක්  මෙතෙක් හමුවී නොමැති බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS