පල්ලියේ සියදිවි හානිකරගෙන



මක්කම පිහිටි මහා පල්ලිය තුලබැතිමතුන් යාච්ඥා කටයුතුවල නිරතව සිටින අවස්ථාවේදි  පුද්ගලයෙක් පල්ලියේ වහලයට නැගබැතිමතුන් සිටන ස්ථානයටපැන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

හිසට සිදු වු බරපතල හානි හේතුවෙන් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වී ඇත.

සියදිවි හානිකර ගත් පුද්ගලයා ප්‍රංශ ජාතිකයෙක් බවත් ඔහු පිළිබඳව විස්තර ලබාදීමට නොහැකි බව ප්‍රංශ තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

මෘත දේහය රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත් ප්‍රංශ ජාතිකයාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බව සෞදි පොලීසිය ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS