පලස්තීනුවන්ට සාධාරණයක් ඕනෑ



පලස්තීනුවන්ට සාධාරණයක් ඉටුවනතුරු සෞදිය සහ ඊශ්‍රායල අතර සබඳතා වර්ධනය නොවනු ඇතැයි සෞදි රජ පවුල නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලයත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් අතර ඇතිකරගත් එකගතාවකට අනුව, රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී ඇත.

එම එකගතාවට හවුල් වන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදියට දන්වා තිබේ. ඊශ්‍රායලය සම්බන්ධයෙන් සෞදි රජ පවුල තම ස්ථාවරය ඉදිරිපත් කළේ ඒ අනුවය.

පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවා, ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටුවන තුරු සෞදිය සහ ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රික සබදතා වර්ධනය නොවනු ඇතැයි සෞදි රජ පවුල වෙනුවෙන් සෞදි කුමරු තුර්කිඅල් ෆයිසාල් පැහැදිලි කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS