නෙදන්යාහු යළි අගමැති පුටුවට



ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල මේවනවිට නිකුත් වී අවසන් වී ඇති අතර, දිගටම බලයේ රැඳී සිටීමට අගමැති බෙන්ජමින් නෙදන්යාහුට හැකිවනු ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

ප්‍රතිවාදී නිල් සහ සුදු පක්ෂයේ අපේක්ෂක මධ්‍යස්ථ මතධාරී බෙනී ග්‍රාන්ට්ස්ගෙන් අගමැති නෙදන්යාහුට ප්‍රබල අභියෝගයක් එල්ල විය.  නෙදන්යාහු සහ ග්‍රාන්ට්ස් අතරේ තියුණු සටනක් පැවැත්විණි.

මැතිවරණ ප්‍රතිඵලවලින් සියයට 97 ක් නිකුත් වනවිට කිසිවකුටවත්  බහුතර බලයක් හිමිවී තිබුණේ නැත. නෙදන්යාහුගේ ලිකුද් පක්ෂයත් ග්‍රාන්ට්ස්ගේ නිල් සහ සුදු පක්ෂයත් පිළිවෙළින් ආසන 35 බැගින් හිමි කරගෙන තිබුණි.

අගමැති නෙදන්යාහු ප්‍රමුඛ අන්ත දක්ෂිණාංශික අදහස් ඇති ලිකුද් පක්ෂය කියා සිටියේ ඔවුන්ට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමට පියවර ගන්නා බවය. ඒ අනුව අගමැති ධුරයේ දිගටම රැඳී සිටීමට නෙදන්යාහුට හැකිවෙයි.

ඊශ්‍රායල ඉතිහාසය පුරාවට කිසිදු පක්ෂයක් තනිව ආණ්ඩුවක් පිහිටුවා නැත. ක්නෙසන්ට් සහභාව ආසන 120 කින් සමන්විත අතර, බහුතර බලය වෙනුවෙන් ආසන 60 ක් දිනා ගැනීම කළ යුතුව තිබුණි.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS