නීතිවිරෝධී වැඩක් කරලා නෑ



ඔබාමා පරිපාලන සමයේදී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලෙස තමන් කිසිදු නීතිවිරෝධී හමුවක් පවත්වා නැති බව හිටපු රාජ්‍ය ලේකම් ජොන් කෙරී අවධාරණය කරයි.

ජෝන් කෙරී මෙසේ අවධාරණය කළේ වර්තමාන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය එල්ල කරන චෝදනා මුල්කොට ගනිමිනි.

ජොන් කෙරී ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලෙස ඉරාන විදේශ ඇමැති කිහිප අවස්ථාවකදී හමුවුණු බවත් එම හමුවීම් නීතිවිරෝධී අයුරින් සිදුවුණු ඒවා බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා නගා ඇත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS