දෙවන ගුවන්යානයත් ලැබෙයි



කුවේට් ගුවන් සමාගම ඇණවුම් කළ ගුවන්යානාවලින් දෙවන ගුවන්යානය පසුගියදා ලැබුණු බව වාර්තා වේ.

“A320neo’’ වර්ගයේ ගුවන්යානා 15ක් එයාර්බස් ගුවන්යානා නිෂ්පාදන සමාගමෙන් ඇණවුම් කර ඇත.

ඉතිරි ගුවන්යානා 13 ඉදිරියේදි කුවේට් ගුවන් සමාගමට ලබාදීමට ගුවන්යානා නිෂ්පාදන සමාගම කටයුතු කරයි.

කුවේට් ගුවන් සමාගම 1953දී ආරම්භ කර ඇති අතර ලෝකයේ ගමනාන්ත පනහකට වැඩි සංඛ්‍යාවකට ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොලට ගුවන්යානයපැමිණි අවස්ථාවේ ලබාගත් ඡායාරූප කීපයක් ගුවන් සමාගමට අයත් නිල ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS