දඩයක්කරුවන් අටකට නිදහස



දකුණු දිග ඉරාකයේ අල්-මුතානා ආණ්ඩුකාර ප්‍රදේශයේ දඩයම් කරමින් සිටියදි අත්අඩංගුවට පත් කුවේට් දඩයක්කරුවන් අට දෙනා නිදහස් කිරීමට කුවේට් බලධාරීන් කටයුතු කර ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කළේය.

බැග්ඩැඩ් නුවර පිහිටි කුවේට් තානාපති කාර්යාලය කුවේට් දඩයක්කරුවන් නිදහස් කිරිමට අවශ්‍ය කටයුතු ඉරාක බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ බව වාර්තා වේ.

ඉරාක රජය පනවා ඇති නීතිරීති උල්ලංඝනය කරමින් සතුන් දඩයම් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස අල්-මුතානා ආණ්ඩුකාර,  ෆාලිඅල්-සේයාඩි ආරක්ෂක අංශ වලට නියෝග කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS