ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු



කුවේට් රාජ්‍යයේ පිහිටා ඇති මුලෝපායික වශයෙන් වැදගත් ආර්ථික මධ්‍යස්ථානයන්ට ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් ආර්ථික මධ්‍යස්ථානයන්ට ලබාදී ඇති ආරක්ෂාව වැඩිකිරීමට කුවේට් ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අයි.එස් ත්‍රස්තවාදීන් කුවේට් රාජ්‍යයට ප්‍රහාරයන් එල්ල කිරීමට සැළසුම් සකස් කරමින් සිටින බවට ගල්ෆ් රටවල බුද්ධි අංශයන් කුවේට් ආරක්ෂක අංශය වෙත තොරතුරු ලබාදීමෙන් පසු ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගත් බව කුවේට් ආරක්ෂක අංශ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේය.

කුවේට් ආරක්ෂක අංශ මඟින් සිදු කරනලද වැටලීම් ගණනාවකදී අයි.එස් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් ඇති බවට සැකකරන පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කර ඇති අතර පුද්ගලයින් කීපදෙනෙකු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS