තහනම් ආම්පන්න භාවිතා කරලා



ඕමානය තුල තහනම් ධීවර ආම්පන්න භාවිතා කරන ධීවරයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට කෘෂිකර්ම සහ ධීවර අමාත්‍යාංශය පසුගියදා කටයුතු කළේය.

දකුණු දිග අල්-ෂාරික්‍යා සහ බටිනා නගරවල මෙහෙයුම් දියත් කර තහනම් ධීවර ආම්පන්න භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් කීපදෙනෙක් සහ ඔවුන් සතුව තිබු ධීවර ආම්පන්න අත්අඩංගුවට ගැනීමට අමාත්‍යාංශයට අයත් වැටලීමේ කණ්ඩායම සමත් වී ඇත.

තහනම් ධීවර ආම්පන්න භාවිතා කළ ධීවරයන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS