තටාකයට වැටී හතරක් මරුට



අබුඩාබියේ අල්-බහියා ප්‍රදේශයේ පිහිටා ඇති ගොවිපොලක් තුල ජලජ ජිවීන් බෝකිරීම සඳහා සාදා ඇති තටාකයකට දරුවන් හතර දෙනෙකු වැටීම නිසා ජීවිතක්ෂයට පත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

මියගිය දරුවන් අවුරුදු 11,12 වයසේදරුවන් දෙදෙනෙක් සහ වයස අවුරුදු 10 දරුවන් දෙදෙනෙකු වන බව අල්-බයන් පුවත්පත වාර්තා කළේය. 

මියගිය දරුවන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සිටින බවත් තටාකය දිගින් මීටර් 30ක්ද පළල මීටර් 10ක් සහ ගැඹුර මීටර් 1.5ක් වන වන බව අබුඩාබි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS