ට්‍රම්ප්ට තැකීමක් නෑ



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජීට සිදුවුණේ කුමක්දැයි ඇත්ත නැත්ත දැනගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තැකීමක් නැතැයි කශොග්ජී විවාහවීමට සූදානමින් සිටි තුර්කි ජාතික තරුණි හැටීහස් සෙන්ගිස් කියයි.

ඇය මේ බව කියා සිටියේ ඉතා හැඟීම්බරවය. ඒ, ‘තුර්කිෂ් ටීවී’ රූපවාහිනී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ජමාල් කශොග්ජී ඇමෙරිකන් පුරවැසියකු ද වෙයි.

ට්‍රම්ප් සැමවිටම සෞදියේ පැත්තට පෙනී සිටින බවත්, සෞදිය යම් ප්‍රකාශයක් කළොත්, එය සත්‍යයක් ලෙස ට්‍රම්ප් බාර ගන්නා බවත්, කශොග්ජීට සිදුවුණේ කුමක්දැයි දැනගැනීමට ට්‍රම්ප්ට අවංක චේතනාවක් නැති බවත් හැටීහස් සෙන්ගිස් වැඩිදුරටත් කියා සිටී.

මේ අතර තමාට ධවල මන්දිරයට පැමිණෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ඇරැයුම් කර ඇති බවත්, තමන් එම ඇරැයුම ප්‍රතික්ෂේප කළ බවත් හැටීහස් සෙන්ගිස් වැඩි දුරටත් පවසා ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS