ට්‍රම්ප් සෞදියේ ව්‍යාපාර සමාගම් හකුළා ගනී



ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති වීමට නියමිත කෝටිපති ව්‍යාපාරක ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදි අරාබියේ පිහිටුවා තිබූ සෞදි සමාගම් හතරක් සමඟ කළ සියලු ගනුදෙනු නවතා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මින් ඉදිරියට සෞදියේ කිසිදු ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නැතැයි ද ට්‍රම්ප් පවසා ඇත. මෙම සමාගම් පිහිටුවා තිබුණේ සෞදියේ ජෙඩා නුවර කේන්ද්‍ර කොට ගනිමින් යැයි ද වාර්තා වේ.
ට්‍රම්ප් පවසා ඇත්තේ ඔහු මෙම තීරණය ගත්තේ ජනපති ලෙස රාජකාරි කරද්දී, අපක්ෂපාතී අයුරින් එම රාජකාරි කිරීමට සිදුවන නිසා බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS