ජෝර්දානයෙන් පළමු මරණය වාර්තා වෙයි



‘කෝවිඞ් 19’ වයිරසය හේතුවෙන් ජෝර්දානයෙන් පළමු මරණය අද (28) වාර්තා විය.

ජෝර්දාන සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කළ අන්දමට මියගොස් ඇත්තේ 80 හැවිරිදි අයෙකි. මේ වනවිට ජෝර්දානයේ ‘කෝවිඞ් 19’ වයිරස ආසාදිතයෝ  235 ක් වෙති.

මේ වනවිට ජෝර්දාන රජය එරට මුළුමනින්ම වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ ගුවන් සීමා සහ දේශසීමා වසා දැමීමෙන් පසුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS