ජර්මනියේ හිටපු ජනපති කටාරයේ



ජර්මනියේ හිටපු ජනාධිපතිවරයකු වන ක්‍රිස්ටියන් වුල්ෆ් දෝහා සංචාරයකට පැමිණියේය.

ජර්මන් හිටපු ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ කටාරයේ නියෝජ්‍ය එමීර්වරයා වන ෂෙයික් අබ්දුල්ලා බින් හමාද් අල් තානි විසිනි.

ක්‍රිස්ටියන් වුල්ෆ් කටාරයට පැමිණියේ ජර්මන් චාන්සල්වරිය වන ඇන්ජෙලා මාකෙල්ගේ විශේෂ නියෝජිතවරයකු ලෙසිනි. පසුගියදා ජර්මන් ෆෙඩරල් මැතිවරණය පැවැත් වුණු අතර, සිවුවැනිවරටත් ජයග්‍රහණය කිරීමට ඇන්ජෙලා මාකෙල්ට හැකියාව ලැබුණි.

‘ජර්මන් දැක්ම’ යන නමින්, කලා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යෙදුණු අතර, එම ප්‍රදර්ශනයේ ආරාධිත අමුත්තා වූයේ ද ක්‍රිස්ටියන් වුල්ෆ් ය.

ජර්මනියත් කටාර් රාජ්‍යයත් අතර පවතින මිතුදම් තව තවත් ශක්තිමත් කිරීමට මෙම ප්‍රදර්ශනය ඉවහල් වනු ඇතැයි ජර්මන් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS