චෝදනා ලැබූ ඉරාන තරුණිය නිදහස්



බ්‍රිතාන්‍යය රජයේ ඔත්තුකාරියක යැයි චෝදනා ලැබ ඉරාන අත්අඩංගුවේ සිටි බ්‍රිතාන්‍ය ඉරාන තරුණිය එරාස් අමීරිට නිදහස ලැබී ඇතැයි බ්‍රිතාන්‍ය කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එරාස් අමීරි බ්‍රිතාන්‍ය කවුන්සිල නිලධාරිනියකි. ඉරාන රජය  එල්ල කළ සියලු චෝදනාවලින් ඇය නිදොස් කොට නිදහස ලැබුවේ ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය මගිනි.

ඒ ඇය වෙනුවෙන් අභියාචනාවක් ඉදිරිපත් වීමත් සමගය. එරාස් අමීරිගේ නිදහස් වීම සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිවක් පවසා නැත.

එරාස් අමීරි රැකියාව කරන්නේ ලන්ඩන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේය. ඇය ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2018 වසරේ දීය. ඒ ඇය ඇගේ අත්තම්මා හමුවීමට ඉරානයට ගිය අවස්ථාවේදීය.

(බීබීසී)


RECOMMEND POSTS