ගුවන්තොටුපළේදී අසැබි වීඩියෝ බැලූ ගුවන් සේවකයාට වැඩ වරදී



ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....

ඕමානයේ මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටු පළේ වීසා බලපත්‍ර පරීක්ෂා කවුන්ටරයේ රාජාකාරී කටයුතු අතරතුර ජංගම දුරකථනයෙන් අසැබි වීඩියෝ පටයක් නැරඹූ ඕමාන් එයාර් ගුවන්සේවයේ සේවකයෙකු එම සේවයෙන් පහ කිරීමට ඕමාන් එයාර් සමාගම තීරණය කර ඇත.

මෙම සේවකයා අසැබි වීඩියෝ පටයක් ජංගම දුරකථනයකින් නරඹනු දුටු සංචාරකයෙකු විසින් එය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අන්තර් ජාලයට මුදා හැර ඇත.

එම මුදාහැරීමෙන් එම සමාගම සමාජ ජාලා වෙබ් අඩවි  ඔස්සේ දැඩි අපකීර්තියට පත්විය.

සේවකයා ගේ එම නොහොබිනා ක්‍රියාවෙන් ඕමාන් එයාර් සමාගම දැඩි අපහසුතාවයට පත්වූ අතර එමඟින් සමාගම ලැබූ  අපකීර්තිය සලකමින් ඔහුව සේවයෙන් පහ කිරීමට තීන්දු කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඕමාන් එයාර් ප්‍රධාන විධායක නිලධාරී පෝල් ග්‍රෙගොරොවිච් මහතා කියා සිටියේ අපගේ සේවාදායකයින්ට වඩාත් විනයගරුක සේවාවක් ලබා දීමට සමාගම කටයුතු කරනා අවස්ථාවක සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බවය.
 

 

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS