ගුවන් ප්‍රහාරයෙන් දරුවෝ 9 ක් මරුට



ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින යේමනයේ සානා අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් 9 දෙනකු ද ඇතුළු බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

හවුති සටන්කාමීන්ට එරෙහිව ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ සෞදි ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා යැයි ද පැවැසෙයි. ගුවන් ප්‍රහාරයෙන් හවුති සටන්කාමීහු ද ජීවිතක්ෂයට පත් වූහ.

යේමන රජය පෙරළා බලය අල්ලා ගත් ෂියා හවුති සටන්කාමීන්ට ඉරානයෙන් සහාය ලැබේ. යේමනයේ පැවැතියේ සුන්නි මුස්ලිම් සෞදි අරාබියට සහාය දැක්වූ රජයකි.

(රොයිටර්)

 


RECOMMEND POSTS