කුමරුට අගමැතිගෙන් ඇමතුමක්



පකිස්ථාන අග්‍රාමාත්‍ය, ඉම්රාන් ඛාන් අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්‍ය හමුදා ප්‍රධානි, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන්ට දුරකථන ඇමතුමක් ලබා දී ඇත.

පකිස්ථානය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවයන් වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳව දුරකථන සංවාදයේදි සාකච්ඡා කර ඇත.

ත්‍රස්තවාදය, පොදු අවශ්‍යතා සපුරාලීමේ ක්‍රම උපායන් සහ කලාපීය හා ජාත්‍යන්තර සංවර්ධනයන් පිළිබඳවද නායකයන් දෙදෙනා අවධානය යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශණ ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS