කාරුණික පොලිස් සේවකයාට උපහාර



පදිංචිකරුවෙකුට අයත් නැති වී තිබු ඩිරාම් 210,000 මුදලක් ආපසු ලබාදීමට ඩුබායි පොලිසියේ සේවකයෙක් කටයුතු කර ඇත.

පරිපාලන නිලධාරී, අලි අබ්දුල් රහීම් තමන්ට හමු වු මුදල අයිතිකරුට ලබාදීම සඳහා ඩුබායි පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

මුදල්වල නියම අයිතිකරු සොයා ආපසු ලබාදීමට ඩුබායි පොලීසිය කටයුතු කර ඇත.

අබ්දුල් රහීම්ගේ අවංකකම ගැන ප්‍රශංසාත්මකව අදහස් ප්‍රකාශ කර ඔහුට ගෞරවය දක්වීමටඩුබායි පොලිස් ස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, කර්නල් රෂීඩ් අල්-ෂෙහි කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS