කඩිනමින් තීරණයක් ගන්නවා



සිරියාව සම්බන්ධයෙන් කඩිනමින් දැඩි තීරණයක් ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කරයි.

ගූඨා පළාතේ ඩෝමා නගරයට සිරියානු රජය විස වායු ප්‍රහාරයක් එල්ල කිඑීම ඊට හේතුවක් වී ඇත. ඇමෙරිකාව එම ප්‍රහාරය තරයේ හෙළා දැක ඇති අතර, ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ ඒ වෙනුවෙන් සිරියානු රජයටෙ එරෙහිව පියවර ගත යුතු බවය.

කෙසේ නමුත් සිරියානු රජයට සහාය දක්වන රුසියාව පවසා ඇත්තේ විස වායු ප්‍රහාරයක් එල්ල වුණු බවට තවමත් කිසිදු පැහැදිලි සාක්ෂියක් ලැබී නැති බවය.

ඇමෙරිකාව සිරියානු රජයට සහ හමුදාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරන්නේ නම්, තමන් ද ඇමෙරිකාවට සහාය පළ කරන බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS