කටාර් හි ගෘහ සේවය වෙනුවෙන් නව නීති රීති සැකසේ



කටාර් හි ගෘහ සේවයේ නියුතු සේවක සේවිකාවන් ගේ ආරක්ෂාව  වෙනුවෙන් නව නීති කෙටුම්පත් කර ඇතැයි වාර්තා වේ.

එකී නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි කටාර් හි දෝහා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ වනවිට කටාර් හි බල පවත්වන කම්කරු නීතිය තූුළ ගෘහ සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නියමයන් පැනවී නැත.

සේවායෝජකයා සමඟ ගිවිසුමකට එළැඹ ඇතත් නැතත් මෙම නීති බල පැවැත්වෙන විට සේවක අයිතිවාසිකම් හා සේවා කාර්යයන් ආදිය සම්බන්ධව ඔවුන්ට ආරක්ෂාව සැලසෙනු ඇත.

නව නීති අනුව සතියකට දිනයක් ගෘහ සේවකයන්ට නිවාඩු ලැබෙනු ඇති අතර එදින නිදහසේ ගත කීරීමට ද අවස්ථාව සැලසෙනු ඇත.

ගෘහාශ‍්‍රිත සේවකයන් ලෙස ගැනෙන්නේ ගෘහ සේවිකාවන්, රියැදුරන්, අරක්කැමි, හා උද්‍යාන සේවක යන සේවක සේවිකාවෝ ගැනෙති.  

 

 විනීතා එම් ගමගේ


RECOMMEND POSTS