එ.ජා. නියෝජිතයා සිරියාවට
එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිරියාව වෙනුවෙන් පත් කළ නව නියෝජිත ගීර් පෙඩර්සන් තෙදින සංචාරයක් සඳහා සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණියේය.
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයේ පාර්ශ්වය සමඟ සාකච්ඡා පවත්වමින්, සිරියානු අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට ගීර් පෙඩර්සන් සූදානමින් සිටින බව ද වාර්තා වේ.
මේ වනවිට සිරියානු අර්බුදය යම්තාක් දුරටකට විසඳී ඇති බව පැවැසෙයි. ඒ, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන් මර්දනයට ලක් වී ඇති නිසාය.
(ඒ.එෆ්.පී.)