ඊශ්‍රායලයේ නීති විරෝධී පදිංචි කිරීම් නවතා දමන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක්



ඊශ්‍රායලය නීති විරෝධී ලෙස කරන පදිංචි කිරීම් නවතා දමන්නැයි  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය යෝජනාවක් සම්මත කර ගත්තේය. එහිදි ඇමෙරිකා එක්සත් ජනපදය තම නිෂේද බලය භාවිත නොකරමින් ඡන්දය භාවිත කිරීමෙන් වැළැකී සිටියේය.
ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරන ලද මෝසමට පක්ෂව ඡන්ද 14ක් හිමිවිය.

ඊජිප්තුව කෙටුම්පත් කරන ලද එම යෝජනාවට මැදිහත් වන්නැයි ඊශ්‍රායලය ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියද මැලේසියාව, නවසීලන්තය,සෙනගාලය සහ වෙනිසියුලාව නැවත එම යෝජනාව ඉදිරිපත් කළේය.

එක්සත් ජනපදය සාම්ප්‍රදායිකව ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටියේය.

යුදෙව් ජාතිකයන් පදිංචි කිරීම මේ ගැටලුවට ප්‍රධාන හේතුව වන අතර ඒ හේතුවෙන් ඊශ්‍රායලය හා පලස්තීනය අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වෙයි.

ඊශ්‍රායලය 1967 දී බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලෙම බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසු මේ වනවිට පදිංචි කිරීම් 140ක යුදෙව්වෝ 500,000 ආසන්න පිරිසක් ජීවත් වෙති. ජාත්‍යන්තර නීතිය අනුව මෙම පදිංචි කිරීම් නීති විරෝධී පදිංචි කිරීම් ලෙස සැලකුණ ද ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වයි.


 
බී.බී.සි ඇසුරිනි


RECOMMEND POSTS