ඊශ්‍රායල සෙබළු යට කරලා



පලස්තීන ජාතිකයකු සිය මෝටර් රථයෙන් ඊශ්‍රායල සෙබළුන් පිරිසක් යට කර ඇති බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ බටහිර ඉවුරේ ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින ප්‍රදේශයකදීය. මෝටර් රථයට යටවීමෙන් ඊශ්‍රායල සොල්දාදුවෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් තිදෙනෙක් තුවාල ලැබූහ.

මෝටර් රථය පැදවූ පලස්තීනුවා අලා කබා නැමැත්තා බවත්, ඔහු අසල පිහිටි ජෙනින් නමැති ගම්මානයේ වැසියකු බවත් වාර්තා වේ. වසර කිහිපයක් තිස්සේ අලා කබා ඊශ්‍රායල අත්අඩංගුවේ සිට ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS