ඉරාන විදෙස් ඇමැති ටියුනීසියාවේ



ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් ටියුනීසියාවේ සංචාරයක නියැළෙයි.

ටියුනිස් අගනුවරට පැමිණි ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ටියුනීසියානු ජනාධිපති බෙජී කැයිඞ් විසිනි.

ඉරාන විදේශ ඇමැතිවරයා මෙසේ ටියුනීසියාවේ සංචාරයක යෙදෙන්නේ උතුරු අප්‍රිකා රටවල සංචාරයක් අතරතුරේය.

ටියුනීසියාව සහ ඉරානය අතර යහපත් සබඳතා ඇති කර ගැනීමට තමන්ට හැකිවුණැයි විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් මාධ්‍ය හමුවේ පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS